ව්‍යාපාරික

මහ බැංකුව ඉන්දියානු සංචිත බැංකුව සමග මුදල් හුවමාරුවක

(UTV | කොළඹ) – දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංවිධානයේ (SAARC) රටවල් වෙත 2019 – 2022 කාලය සඳහා පිරිනමනු ලබන මුදල් හුවමාරු පහසුකම් රාමුව යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව, ඉන්දියානු සංචිත බැංකුව සමග මුදල් හුවමාරු ගිවිසුමකට ජූලි මස 24 වන දින එළඹීය.

මෙමගින් රටේ කෙටිකාලීන ගෙවුම් ශේෂ අවශ්‍යතාවන් මූල්‍යනය කරගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට පහසුකමක් සැලසේ.

ශ්‍රී ලංකා මහ බැංකුව මෙම මුදල් හුවමාරු පහසුකම සඳහා එළඹීමෙහි අරමුණ වන්නේ ස්ථාවර විදේශ විනිමය සංචිත තත්ත්වයක් සුරක්ෂිත කර ගනිමින්, ප්‍රමාණවත් කෙටිකාලීන විදේශ විනිමය ද්‍රවශීලතාවයක් පවත්වා ගැනීමයි.

මෙම මුදල් හුවමාරු පහසුකම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශ යටතේ කැබිනට් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

මෙම මුදල් හුවමාරු පහසුකම යටතේ, ශ්‍රී ලංකා මහ බැංකුවට එක්සත් ජනපද ඩොලර් මිලියන 400 ක් ප්‍රථමයෙන් මාස තුනක කාලයක් සඳහා ලබා ගැනීමේ අවස්ථාව පවතී.

Related posts

ලෝක බැංකුව විසින් ලබාදෙන විශාලතම ආයෝජනය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

උද්ධමනය අඩුවෙයි

Mohamed Dilsad

කොරෝන නිසා බොර තෙල් මිල කෙරෙහි ඍජු බලපෑමක්

Mohamed Dilsad

Leave a Comment