දේශීය

විදෙස් ශ්‍රමිකයින් පිරිසක් දිවයිනට

(UTV | කොළඹ) – කොරෝනා වසංගතය නිසා මෙරටට පැමිණීමට නොහැකිව විදේශීය රටවල් දෙකක රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 373 දෙනෙකු අද (02) දිවයිනට පැමිණ තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 332 දෙනෙකු සහ එංගලන්තයේ රැකියා සහ උසස් අධ්‍යාපන කටයුතු සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙකු අද (02) අලුයම කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියේය.

ඊට අමතරව කොළඹ වරායේ නැංගුරම් ලා ඇති වෙළෙඳ නැවක සේවය කිරීම සදහා විදේශීය නාවිකයන් 13 දෙනෙකු ද අද අලුයම දිවයිනට පැමිණ තිබේ.

ඔවුන් කටාර්හි දෝහා සිට මෙරටට පැමිණ ඇති බව වාර්තා වේ.

මෙම සියලුදෙනා ගුවන්තොටුපළ වෙත පැමිණි පසු PCR පරීක්ෂණවලට ලක්කිරීමෙන් අනතුරුව නිරෝධායන කටයුතු සඳහා යොමුකර තිබේ.

Related posts

බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී 75 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

බස් ගාස්තු අඩුකරන්න බස් සංගම් සූදානම්

Mohamed Dilsad

වේල්ලවීදියෙන් සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුරේ සුල මුළ මෙන්න

Mohamed Dilsad

Leave a Comment