දේශීය

ගලේවෙල අට හැවිරිදි පිරිමි දරුවාගේ ඝාතකයා රිමාන්ඩ්

(UTV | ගලේවෙල) – ගලේවෙල පත්කොලගොල්ල ප්‍රදේශයේ අට හැවිරිදි කුඩා පිරිමි දරුවෙකු අපයෝජනයට ලක් කොට ඝාතනය කළ බවට සැකපිට අත්අඩංගුවට පත් සැකකරු හෙට (04) දක්වා බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ඊයේ (02) පස්වරුවේ නියෝග කළේය.

සැකකරු මානසික වෛද්‍යවරයෙකු හමුවට යොමුකර වාර්තාවක් ලබාගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙලෙස බන්ධනාගාර ගත කරනු ලැබූ සැකකරු ගලේවෙල – පත්කොලගොල්ල ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙක්.

Related posts

පළාත් පාලන මැතිවරණයට අලුතින් නාම යෝජනා කැඳවන්නේ නැහැ. පෙර නාම යෝජනා සඳහා මැතිවරණය පවත්වනවා – මැතිවරණ කොමසාරිස් ජනරාල්

Editor O

කතානායක, නිල නිවසේ නැහැ.

Editor O

ආගමන විගමන දෙපාර්තමේන්තුව පැය 24ම විවෘතයි

Editor O

Leave a Comment