දේශීය

මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය ඉල්ලා අස්වෙයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති ධුරයෙන් ආචාර්ය දීපිකා උඩගම මහත්මිය ඉල්ලා අස්වී ඇත.

ලබන සැප්තැම්බර් 01 වැනිදා සිට එම ඉවත්වීම බලාත්මක වන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඇය විසින් එවා තිබූ ඉල්ලා අස්වීමේ ලිපියේ දැක්වෙයි.

පසුගිය කාලය තුළ ලොව අනෙකුත් මානව හිමිකම් කොමිෂන් සභා අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඉහල තත්ත්වයකටද පත්වීම ද සිදුවූ බවත් ඒ සදහා දීපිකා උඩගම මහත්මිය විසින් ඉටුකළ කාර්යභාරය සුවිශේෂි බවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති 8 වන පාර්ලිමේන්තුවේ කථානායක කරූ ජයසූරිය මහතා සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ 82 වන රැස්වීම ඊයේ (03) පස්වරුවේ පවත්වනු ලැබීය.

 

Related posts

අ. පො. ස. උසස් පෙළ විභාගය ඔක්තෝබරයේදි

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සඳහා පස්දෙනෙකුගෙන් යුත් කමිටුවක්

Mohamed Dilsad

රනිල්ගේ මන්ත්‍රී ධූරයට එරෙහිව ගොනුකළ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

Mohamed Dilsad

Leave a Comment