(UTV | කොවිඩ් 19) – මෙරට සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් අතුරින් තවත් 04 දෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.
ඒ අනුව සුවය ලැබූ සමස්ත ගණන 2541 දක්වා ඉහළ යයි.
ඊයේ (05) දිනයේදී මුල්ලේරියාව මූලික රෝහලෙන් රෝගීන් දෙදෙනෙක් ද , IDH හා මිනුවන්ගොඩ මූලික රෝහලෙන් එක් අයෙකු ද බැගින් සුවය ලබා පිටව ගොස් තිබේ.
ශ්‍රී ලංකාවෙන් ගතවූ පැය 24 තුළදී ආසාදිතයන් 05 දෙනෙකු වාර්තා වූ අතර , ඒ අනුව සමස්ත ආසාදිතයන් ගණන 2839 දක්වා ඉහළ ගියහ.