දේශීය

රාජපක්‍ෂ පවුලේ සහෝදරත්වය දැක සුසුම් හෙළන මනෝ

(UTV |කොළඹ) – “මට මේ වගේ බාල සහෝදරයෙක් නැහැ”  යනුවෙන් මනෝගනේෂන් පවසයි.

මෙරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඊයේ දිවුරුම් දීමෙන් පසු තම බාල සහෝදරයා වන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා දණ ගසා වඳින ඡායාරූපය උපුටා දක්වමින් දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් තම නිල ෆේස්බුක් පිටුවේ මේ බව පළ කර තිබුණි.

මට එවැනි සහෝදරයෙක් නැතුව පාලුයි ..!

උපතින්ම මට “අයියා” කියන අයද, සමාජයේ “අයියා” ලෙස ආමන්ත්‍රණය කරන බොහෝ දෙනෙක් සිටියද ඒ බහුතරය පිටුපසින් තම පිටට පහර දෙන අය බව ඔහු සඳහන් කරයි.

නමුත් රාජපක්ෂ සහෝදරයන් අතර ගැටුම් තිබෙන බව සමාජයට පෙන්වුවද එය ඒසේ නොවන බවත් රාජපක්‍ෂ පවුලේ සාර්ථකත්වයේ රහස මෙම සහෝදරකම බවත් ඔහු පෙන්වා දෙයි.

Related posts

ATM වංචාවට අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ් කිරීමට නියෝග

Mohamed Dilsad

දඹුල්ලට ආ තුර්කි තරුණිය ට බස් රථයේදී අතවර

Mohamed Dilsad

ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කළ නවතම ලේඛනයට ජනපතිගේ නමත් එක්වෙයි

Mohamed Dilsad

Leave a Comment