දේශීයව්‍යාපාරික

ලොකු ළූණු වගාවට අනතුරක්

(UTV | කොළඹ ) – දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින වැසි තත්වයත් සමඟ ලොකු ළූණු වගාව ආශ්‍රිතව දිලීර රෝගයක් ව්‍යාප්ත වෙමින් පවතින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

ඒ හේතුවෙන් ළූණු අස්වැන්නෙන් 30% පමණ ප්‍රමාණයක් හානි විය හැකි බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්.වීරකෝන් මහතා සඳහන් කළේය.

වගාවන් තුළ සුළු වශයෙන් හෝ දිලීර ව්‍යාප්තිය පවතින්නේ නම්, කෘෂි පර්යේෂණ නිලධාරීන් දැනුවත් කරන්නැයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා වගාකරුවන්ට දැනුම් දෙයි.

Related posts

මැතිවරණයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සම් දෙකක්

Mohamed Dilsad

පළමු කැබිනට් රැස්වීම අද

Mohamed Dilsad

ඉන්ධන ප්‍රශ්නයේ ඇත්තම තත්ත්වය

Editor O

Leave a Comment