දේශීයප්‍රමුඛ පුවත 1

ගැසට් කෙරුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර

(UTV |කොළඹ) – සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 07 දෙනාගේ සහ ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය මේ වන විට ගැසට් කර අවසන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 07 දෙනාගේ නම් මේ වනවිට අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත.

ඊට රංජිත් මද්දුමබණ්ඩාර, තිස්ස අත්තනායක, ඉමිතියාස් බාකිර් මාකර්, ඉරාන් වික්‍රමරත්න, හරීන් ප්‍රනාන්දු, මයන්ත දිසානායක සහ ඩයනා ගමගේ යන අයගේ නම් ඇතුළත්වේ.

එසේම ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හිමිවූ ආචාර්ය හරිනි අමරසූරියගේ නම ද මේ වනවිට ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

නමුත් එක්සත් ජාතික පක්ෂයට සහ අපේ ජනබල පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙහි නම් තවමත් ප්‍රකාශයට පත් කර නොමැත.

Related posts

පැය 24 ක් තුළ සිදුවූ රිය අනතුරුවලින් 11 දෙනෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ ඇගයීම් කටයුතු හේතුවෙන් පාසල් තුනක් වැසෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාව හදිසි නීතිය අවභාවිත කරනවා

Mohamed Dilsad

Leave a Comment