දේශීයප්‍රමුඛ පුවත 2

පාර්ලිමේන්තු පළමු සැසිවාරයේදී සියලු සැමරුම් අවලංගුයි – ජනපති

(UTV | කොළඹ) –  ලබන 20 වනදා ආරම්භ වීමට නියමිත පාර්ලිමේන්තු පළමු සැසිවාරය මීට පෙර පැවති ආකාරයේ සැමරුම් කිසිවක් සිදු නොකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව පළමු සැසිවාරය ආරම්භයේදී පෙර පැවති ආකාරයට හමුදා උත්තමාචාර සහ අශ්වාරෝහක පෙළපාලි නොපැවැත්වෙනු ඇති බවත් වාර්තා වෙයි.

මෙහිදී ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා ජයමංගල ගාථා ගායනා කිරීම පමණක් සිදුකිරීමට නියමිතය.

කතානායකවරයා තෝරා පත් කරගැනීමෙන් අනතුරුව මන්ත්‍රීවරුන් දිවුරුම්දීම සහ ප්‍රතිඥා දීම සිදු කෙරෙනු ඇත.

අනතුරුව නියෝජ්‍ය කථානායකවරයා සහ නියෝජ්‍යකාරක සභා සභාපතිවරයා පත් කරගැනෙන අතර, පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණෙනු ඇති.

Related posts

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වී, පළමු මාසය තුළ පුද්ගලයින් 37,660ක් පිටුවහල් කරලා

Editor O

මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන් ගණන 18300 ඉක්මවයි

Mohamed Dilsad

වෙලේ සුදාගේ අසනීප තත්ත්වය ගැන අධිකරණය වාර්තාවක් ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment