දේශීය

කරාපිටිය රෝහල් අධ්‍යක්ෂක රිය අනතුරකින් කරාපිටිය රෝහලට

(UTV | ගාල්ල) – ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් රණවීර මහතා දක්ෂිණ අධිවේගි මාර්ගයේ වැලිපැන්නේ දී අනතුරකට ලක්ව කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත්කර ඇත.

අධ්‍යක්ෂවරයා අගනුවර සිට ගාල්ල බලා පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය පවසයි.

වෛද්‍යවරයාව ප්‍රතිකාර සඳහා පළමුව ඇල්පිටිය මූලික රෝහලටත් එතැනින් වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙතත් මාරුකර යවා ඇත.

Related posts

ප්‍රදේශ කිහිපයකට තද සුළං

Mohamed Dilsad

MCC ගිවිසුම ශ්‍රී ලංකාව සමග ක්‍රියාත්මක නොකිරීමට ඇමෙරිකාවෙන් තීරණයක්

Mohamed Dilsad

පළාත් පාලන ඡන්දය ගැන සමගි ජනබලවේගය තීරණයක් ගනී 

Editor O

Leave a Comment