දේශීයව්‍යාපාරික

උපරිම පොලී අනුපාත කිහිපයක් පහත දමයි

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා මහබැංකුව විසින් ණය පත් ඇතුළු පොලී අනුපාත හතරක් සඳහා උපරිම පොලී අනුපාතිකයන් පනවා ඇත.

ඒ අනුව ණය පත් සඳහා උපරිම පොලී අනුපාතය 18.00% , පෙර සූදානම් කළ තාවකාලික අයිරා සඳහා උපරිම පොලී අනුපාතය 16.00% , උකස් කිරීමේ පහසුකම් සඳහා උපරිම පොලී අනුපාතය 10.00% , සාමාන්‍ය පොලී අනුපාතයට වඩා දඩ පොලී අනුපාතය 2.00% ක් ලෙසට ද නව උපරිම පොලී අනුපාත සටහන් වෙයි.

ඊයේ රැස්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වර්තමාන ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට ද තීරණය කර තිබේ.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 4.5% ක් ලෙසත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතය 5.5% ක් ලෙසත් පවතිනු ඇති.

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2% ක් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය.

Related posts

දුම්රිය ස්ථානයන්හී නඩත්තු කටයුතු පුද්ගලික ආයතන වෙත

Mohamed Dilsad

අබ්බාට වෙඩි

Mohamed Dilsad

කොළඹ බස් ප්‍රමුඛතා මංතීරු නීති 2 වන අධියර ක්‍රියාත්මකයි

Mohamed Dilsad

Leave a Comment