දේශීයප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තුව අද යළි රැස්වෙයි

(UTV | කොළඹ) – අද (21) පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

මෙහිදි ජනාධිපතිවරයා විසින් ඊයේ (20) පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය මන්ත්‍රී යෝජනාවක් ලෙස විවාදයට ගනු ඇත.

මේ අතර මරණ දඬුවමට ලක්ව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන පාර්ලිමේන්තුවට තේරී පත්වු ප්‍රේමලාල් ජයසේකර මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට යළි දැනුම් දි තිබේ.

ඊයේ ඔහු පාර්ලිමේන්තුවට රැගෙන එන ලෙස දැනුම් දුන්නද ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මංගල සැසිවාරය සඳහා සහභාගි වූයේ නැත.

Related posts

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් ගැන අනාවරණයක්

Editor O

ගානියා බැරිස්ටර්ට එරෙහිව ගොණුකර ඇති නඩුවේ සාක්ෂි විභාගයට දින නියම කෙරේ

Mohamed Dilsad

ජනාධිපති ධූරය සඳහා තරඟවදින බව හිටපු ඇමති ඩලස් කියයි

Mohamed Dilsad

Leave a Comment