ක්‍රීඩා

ලෝක ශූර මලල ක්‍රීඩක උසේන් බෝල්ටත් කොරෝනා

(UTV |ඇමෙරිකාව) – ලොව වේගවත්ම මිනිසා ලෙස සැලකෙන ඔලිම්පික් රන් පදක්කම් ලාභී, ලෝක ශූර මලල ක්‍රීඩක උසේන් බෝල්ට්හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිදුකළ කොවිඩ් -19 පරීක්ෂණයේදී ඔහුට වෛරසය අසාදනය වී ඇති බව තහවුරු වූයේ යැයි ජැමෙයිකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා තිබේ.

පසුගිය සිකුරාදා සිය 34 වන උපන් දිනය සමරා ඇත.

ඉන් දින කිහිපයකට පසු බෝල්ට්ට මෙලෙස කොරෝනාවෛරසය ආසාදනය වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

එම උපන් දින සැමරුම සඳහා මුඛ ආවරණ රහිතව අමුත්තන් රැසක් සහභාගි වී ඇති බවද පැවසේ.

ජැමෙයිකාවේ මේ වන විට කොරෝනාවෛරසය ආසාදිතයන් 1,612ක් හමුවී ඇති අතර මරණ 16ක් සිදුව තිබේ.

Related posts

ක්‍රිස් ගේල් අයි.පී.එල්. බුබුල කඩයි

Mohamed Dilsad

ඉන්දියාවට එරෙහිව පාකිස්ථානය තියුණු ජයක් වාර්තා කරයි

Mohamed Dilsad

විස්සයි 20 දිනු අපේ වීරයින්ගේ සුපිරි ඉනිම මෙන්න (වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment