(UTV | කොළඹ) – සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමිට කොළඹ මහාධිකරණය අධිචෝදනා පත්‍ර භාරදී ඇප නියමකර ඇත.
ඔවුන්ට විදෙස් ගමන් තහනම් කෙරුණු අතර විදේශ ගමන් බලපත්‍ර අධිකරණය භාරයට දෙන ලෙසට වැඩිදුරටත් නියෝග කෙරුණි.
එක් අයෙකුට රුපියල් 10, 000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 05 බැගින් වන ශරීර ඇප 02 ක් මත විත්තිකරුවන් දෙදෙනා මුදා හරින ලෙස අධිකරණය නියෝග කර ඇත.
වැඩිදුර නඩු විභාගය ලබන 22 වනදා සිදුකිරීමට නියමිතය.