දේශීය

ජනපති අද ලංකාගමට

(UTV |කොළඹ) – ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරය ආශ‍්‍රිත නෙළුව – ලංකාගම මාර්ගයේ ඉදි කිරීමේ කටයුතු නිරීක්ෂණය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද එම ප‍්‍රදේශයේ සංචාරයක නිරත වීමට නියමිතය.

මෙම මාර්ග ඉදිකිරීම සම්බන්ධයෙන් මෙන්ම ලංකාගම ගම්මානයේ ජනතාවගේ ගැටළු පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී අවධානය යොමු කරනු ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (28) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

මේ අතර, ආනවිලූන්දාව රම්සා තෙත් බිම් අභය භූමියේ කොටසක් ඩෝසර් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය සී බී රත්නායක අද එම ප‍්‍රදේශයේ සංචාරයක නිරත වීමට නියමිතය.

Related posts

‘Molnupravir’පෙත්ත ශ්‍රී ලංකාවට ආනයනය කිරීම පිළිබඳ අවසන් තීරණය ලබන සතියේදී

Mohamed Dilsad

මරණ දඬුවම් නියම වූ ප්‍රේමලාල් ජයසේකරගෙන් අභියාචනයක්

Mohamed Dilsad

සියලු පොලිස් නිලධාරින්ගේ නිවාඩු අවලංගුයි

Mohamed Dilsad

Leave a Comment