ක්‍රීඩා

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ගැරී ස්ටීඩ්

(UTV | නවසීලන්තය) – නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ගැරී ස්ටීඩ් යළි පත් කර ඇත.

2023 ලෝක කුසලානය දක්වා වසර 3 ක කාලයක් සඳහා ඔහු නවසීලන්ත ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

2018 වසරේ මයික් හෙසන්ගෙන් අනතුරුව ගැරී ස්ටීඩ් නවසීලන්ත ප්‍රධාන පුහුණුකාර ධුරය සඳහා පත්කරනු ලැබීය.

නවසීලන්ත කණ්ඩායම මේ වන විට ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ දෙවන ස්ථානයේත්, එක්දින ශ්‍රේණිගත කිරීම්හි තුන්වන ස්ථානයේත් පසුවන අතර 20 – 20 ශ්‍රේණිගත කිරීම්හි ඔවුන් රැදී සිටින්නේ 6 වන ස්ථානයේය.

Related posts

කොදෙව් පුහුණුකරු ලෙස කර්ට්නි වොල්ෂ් පත්කරයි

Mohamed Dilsad

පළමු විස්සයි විස්ස තරගයේ ජය ඉන්දියාවට

Mohamed Dilsad

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය කෞෂාල්ට

Mohamed Dilsad

Leave a Comment