දේශීය

උපාධිධාරීන්ට සංකේත පත්වීම් ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන් [PHOTOS]

(UTV | කොළඹ) – “සෞභාග්‍යයේ දැක්ම”ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි “රට වෙනුවෙන් වැඩ” සංස්කෘතියක් ඇති කිරීම සඳහා උපාධිධාරීන් 60,000 ක් බඳවා ගැනීම සංකේතවත් කරමින් තෝරාගත් පිරිසකට පත්වීම් ප්‍රදානය විනාඩි 25කට සීමා වූ සරල උත්සවයක් ඊයේ (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණ.

උපාධිලාභීන් 50,000 කට රැකියා දීමට ඉල්ලුම්පත් කැඳවුවද ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි 60,000 ක් බඳවාගැනීමට රජය තීරණය කරනු ලැබීය.

අද රාජ්‍ය සේවයට එක් වූ උපාධිධාරීන් සංඛ්‍යාව 50,177කි. ඉන් 38,760ක් කාන්තාවෝ වෙයි. රැකියාලාභී කලා උපාධිධාරීන් සංඛ්‍යාව 31,172කි. උපාධිලාභීන් වර්ගීකරණයේදි අභ්‍යන්තර උපාධිය ලත් 29,156ක් සහ භාහිර උපාධිලාභීන් 20,322ක් පත්වීම් ලැබ සිටිති. භික්ෂුන් වහන්සේ 1000කට ද පත්වීම් පිරිනැමිණ.

සෙසු උපාධිධාරීන් අතර වාණිජ අංශයේ 1839ක්, කළමනාකරණ 7278 ක්, විද්‍යා 4494 ක්, දේශීය වෛද්‍ය 143ක් සම සෞඛ්‍ය 161, පරිගණක තාක්ෂණය 989ක්, ඉංජිනේරු සහ නීති 233ක් සහ ගණකාධිකරණ ඩිප්ලෝමාධාරීන් 1906ක් වෙති.

පත්විම්ලාභීහූ නායකත්ව, කුසලතා සහ ආකල්ප වර්ධන පුහුණුවකට යොමුකිරීමට ද නියමිතය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, චමල් රාජපක්ෂ, ජී.එල්. පීරිස්, බන්දුල ගුණවර්ධන, ජනක බණ්ඩාර තෙන්නකෝන්, කෙහෙලිය රඹුක්වැල්ල, ඩලස් අලහප්පෙරුම, නාමල් රාජපක්ෂ යන අමාත්‍යවරු හා ආර්ථික පුනර්ජීවන පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සහ රාජ්‍ය අමාත්‍යවරු කිහිප දෙනෙක් ද, අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

රටම බලා සිටි ඉන්ධන නෞකා එන දවස..

Mohamed Dilsad

පොලිස්පති තනතුර කාටද ?

Mohamed Dilsad

ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ප්‍රකාශයට පත් කෙරේ [RELEASE]

Mohamed Dilsad

Leave a Comment