දේශීය

රැකියා හිමි නොවූ උපාධීධාරින්ට යළි අවස්තාවක් දෙන්න සූදානම්

(UTV |කොළඹ) – උපාධිධාරීන් 62,000ක් බඳවා ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ රැකියා හිමිකම් නොලැබුනු  උපාධීධාරින්වේ නම් මෙම 17 දාට ප්‍රථම තම අභියාචනා යොමු කළ හැකි බව ජනමාධ්‍ය ඇමැති,සම කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

මේ යටතේ රැකියාව මහහැරී ඇති යම් උපාධිධාරියකු , මෙම අභියාචනාවන් දිවුරුම් ප්‍රකාශයක් සහිතව  ඉදිරිපත් කළ යුතු බවද ඇමැතිවරයා අවධාරණය කළේය.

අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා කරුනු අනාවරණය කළේය.

උපාධිධාරියකු වුවද මෙයට පෙර යම් රැකියාවක නිරත වීම නිසා සේවක අර්ථසාධක අරමුදලට දායකවුවකු නම්, මෙම රැකියා හිමිකම අහිමි වන බව අදාල ක්‍රමවේදයේ සඳහන් වූවද, අයදුම්කරුගේ  සැබෑ තත්ත්වය සඳහන් කර මෙම අභියාචනාව ඉදිරිපත් කළ හැකි බවද ඇමැතිවරයා පැවැසීය.

ඇතැම් උපාධිධාරින් පසුගිය කාලයේ ඔවුන්ට විරැකියාව සමග මතුවූ ආර්ථික දුෂ්කරතාවන් හමුවේ උපාධීයට සරිලන්නේ නැති සුළු රැකියාවල නිරත වීම නිසා ඔවුන් මෙසේ  සේවක අර්ථසාධක අරමුදලට දායකවුවකු සේ ක්‍රමවේදයේ සඳහන් වන බවත් පෙන්වා දුන් ඇමැතිවරයා සඳහන් කළේ මේ රැකියාවන් හි නිරත වූ උපාධිධාරින්ට උපාධීධාරියකුට නොගැලපෙන අවම වැටුපක් හිමිවී ඇති බවයි.

මේ කරුනු සියල්ල සඳහන් කර තම අභියාචනය මෙම 17 දා ට ප්‍රථම ඉදිරිපත් කරන ලෙසද ඇමැති කෙහෙළීය රඹුක්වැල්ල මහතා දන්වා සිටියේය.

 

Related posts

රුපියලේ අගය තවදුරටත් පහළට

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා මරණ 15000කට ආසන්න වේ

Mohamed Dilsad

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හයවන ණය වාරිකය ගැන එළඹි තීරණය

Editor O

Leave a Comment