දේශීය

2025 අවසන් වීමට පෙර සියලු නිවාසවලට පිරිසිදු පානීය ජලය

(UTV | කොළඹ) –  2025 වසර අවසානවීමට පෙර පැය විසිහතර පුරාම සියලු නිවාසවලට පිරිසිදු පානීය ජලය ලබාදීමේ වැඩසටහනේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇත.

ග්‍රාමීය හා ප්‍රාදේශීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ජනාධිපති කාර්යාලයේ ඊයේ ඒ පිළිබඳව සාකච්ඡාවක් පැවැත්විය.

එහිදී ගංඟා, ඇල දොල සහ ජලපෝෂක ප්‍රදේශ පිරිසිදුකොට සංරක්ෂණයට විශේෂ අවධානය යොමු කරමින් වැඩසටහන් කඩිනම් කිරීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා විසින් පෙන්වා දුන්නා.

“සැමට ජලය” සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ජනතාවට ඉදිරිපත් කෙරුණු ප්‍රමුඛ ප්‍රතිඥාවක්.

ඒ අනුව ඉදිරි සිව් වසර තුළ පවුල් ලක්ෂ 47 කට ජලය සැපයීම රජයේ අපේක්ෂාවයි. දේශීය සහ විදේශීය අරමුදලින් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන අතර, ඒ සඳහා ජල නල කිලෝමීටර් 40,000 ක් අලුතින් එලීමට සිදුවනු ඇත.

ජල නල එලීමේදී මාර්ගවලට වන හානිය සහ එමඟින් ජාතික ධනය විනාශවීම වැළැක්වීමට මාර්ග සංවර්ධන අධිකාරිය මෙන්ම ජල සම්පාදන මණ්ඩලය ඒකාබද්ධව සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමටද ඊයේ පැවති සාකච්ඡාවේදී එකඟතාවය පළව ඇති බව වාර්තා වෙයි.

Related posts

සාමාන්‍ය පෙළ අයදුම්පත් භාරගැනීම අදින් අවසන්

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

අසාද් සාලි නිදහස් කෙරෙයි

Mohamed Dilsad

Leave a Comment