දේශීය

නීති විරෝධීව මෙරටට එවූ කහ තොගයක් යුධ හමුදා භාරයට

(UTV |මන්නාරම) – කහ කිලෝග්‍රෑම් 700ක් මන්නාරමේ තන්නිතාලු ප්‍රදේශයේ තිබී යුද හමුදා බාරයට ගෙන තිබේ.

ඒවා ඉන්දියාවේ සිට පැමිණි බෝට්ටුවලින්, මුහුදේ පා කර එවා ඇති බව යුධ හමුදාව පවසයි.

යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව මේවා සොයා ගැනුණි.

පසුගිය සමයේ කහ කුඩු මිල සීඝ්‍ර ලෙස ඉහළ ගිය අතර මේ හේතුවෙන් කහ කුඩු නීති විරෝධී ලෙස ජාවාරම් කිරීමට පටන් ගෙන තිබේ.

මෙවැනි ජාවාරම්කරුවන් සොයා රට පුර මේ වන විට මෙහෙයුම් සිදු කරයි.

Related posts

සමස්ත ආසාදිතයන්ගේ ගණන යළිත් ඉහළ යයි

Mohamed Dilsad

ආසියාවේ රැජිනගේ තක්සේරුව අද

Mohamed Dilsad

පිටකොටුව ලංගම බස්නැවතුම්පොළ වසා දමයි

Editor O

Leave a Comment