දේශීය

රවීගේ පෙත්සමට විරෝධතා ඉදිරිපත් කරන්න අභියාචනාධිකරණය දින ලබාදෙයි

(UTV | කොළඹ) – හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු සැකකරුවන් 7 දෙනෙකු සම්බන්ධව ඉදිරි පියවර ගැනිම වළක්වා අභියාචනාධිකරණය විසින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය එරෙහිව විරෝධතා ගොනු කිරිම සඳහා නීතිපතිවරයාට ලබන 14 වනදින දක්වා කල්ලබා දුන්නේය.   

රවී ඇතුළු මෙම පිරිස බැඳුම්කර වෙන්දේසියෙන් රුපියල් බිලියන 51.98 ක රජයේ මුදල් සාවද්‍ය  හා සාපරාධි ලෙස පරිහරණය කිරීමේ චෝදනාව යටතේ පවරා ඇති නඩුවේ විත්තකරුවන්  

මෙම අතුරු තහනමට විරෝධතා ගොනු කිරිම අද දිනයේ සිදු කිරිමට නියමිතව තිබුණි. 

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක කරුණු දක්වමින් අභියාචනාධිකරණය හමුවේ කියා සිටියේ විරෝධතා ගොනු කිරීම සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙසයි.

Related posts

පස් දෙනෙකුට මරු කැඳවූ බෙලිඅත්ත වෙඩි තැබීම | පක්ෂ නායකයෙකුත් ඒ අතර

Mohamed Dilsad

ගෘහස්ත ගෑස් සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

ඉදිරි සතියේ දිවයිනට ගෑස් නෞකා හයක්

Mohamed Dilsad

Leave a Comment