දේශීය

මෙරට ධීවරයින් පිරිසක් ඉන්දියාවේදී අත්අඩංගුවට

මෙරට ධීවරයින් 6 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙවිනුවර, පුරාණවැල්ල ධීවර වරායෙන් පිටත්ව ගිය ඉඳුවර බහුදින යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් පිරිසය.

පසුගිය ජුනි 28 වනදා එම ධීවරයින් රැගත් යාත්‍රාව දෙවිනුවරින් පිටත්ව ගොස් ඇත.

පසුව ජූලි 12 වනදා ඉන්දීය වෙරළාරක්ෂක බලකාය ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ ධීවරයින් මේ වනවිට ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ කාතිනගර් ප්‍රදේශයේ පිහිටි බන්ධනාගාරයක රඳවා සිටින බව වාර්තාවේ.

එම ධීවරටින්ගේ ඥාතීන් පවසන්නේ මේ පිළිබඳව බලධාරින් දැනුවත් කළත් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවයි.

Related posts

පවතින කාළගුණය හමුවේ ධීවර ජනතාවට දැනුම් දීමක්

Mohamed Dilsad

වැඩිහිටි ඇතුළු කණ්ඩායම් තුනකට දීමනා

Mohamed Dilsad

තුන් දෙනාගේ ආණ්ඩුවෙන් 2025 වසරේ පළමු මාස 04 ට අතුරු සම්මත ගිණුමක්

Editor O

Leave a Comment