දේශීය

කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට

(UTV | නුවරඑළිය) – මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් වල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වී තිබේ.

ජලාශ භාර ඉංජිනේරුවන් කියා සිටියේ කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 3ක් ද මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 8 ක්ද වශයෙන් ද පවතින බවයි.

ජලාශවල ජල මට්ටම ඉහල යාමත් සමග කැනියොන් , ලක්ෂපාන , නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරෙන්ද්‍ර යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව විදුලි බලාගාර ඉංජිනේරුවන් ප්‍රකාශ කරයි.

Related posts

නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනන යන්ත්‍රය ජාතික විදුලි බල පද්ධතියට

Mohamed Dilsad

විදෙස්ගතව සිට පැමිණෙන අයගේ නිරෝධායන ක්‍රියාවලිය ලිහිල් වන ලකුණු

Mohamed Dilsad

ඇමති ජනක බණ්ඩාර නොබලා අත්සන් කල සයින්දමරුදු ගැසට් නිවේදනය

Mohamed Dilsad

Leave a Comment