දේශීය

මත්ජාවාරම් වලට සම්බන්ධ යුද හමුදා සාමාජිකයන්ට අනතුරු ඇඟවීමක්

(UTV | යාපනය) – මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනාවක් එල්ලවී ඊට වරදකරුවන් වන යුද හමුදා සාමාජිකයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.

ඔහු මේ බව කියා සිටියේ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මත්ද්‍රව්‍යවලට සම්බන්ධව ව්‍යාපාර සිදුකරන පුද්ගලයන් අතීතයේ මෙන්ම වර්තමානයේදීත් ශ්‍රී ලංකා යුධ හමුදාවේ සාමාජිකයන් ඒ සඳහා පෙළඹවීමට උත්සාහ කිරීමේ සිද්ධීන් වාර්තාවන බවත්, එවැනි අවස්ථා තහවුරු වූ බවත් යුධ හමුදාපතිවරයා ප්‍රකාශ කරයි.

යුධ හමුදාව තුළ මෙවැනි සිද්ධීන් කිසිසේත්ම අනුමත නොකරන බව ද ඒ මහතා දැඩි ලෙස අවධාරණය කළේය.

කඳවුරුවලින් පිටතදී හමුදා සාමාජිකයන්ට මෙවැනි අවස්ථාවලට මුහුණ දීමට සිදුවන බවත් , එවැනි අවස්ථාවලදී ඔවුන්ට එරෙහිව දැඩිව ක්‍රියාත්මක වන බවත් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

ආහාර විසවීමකින් සිසුන් 41 ක් රෝහල් ගතකරයි

Mohamed Dilsad

ආණ්ඩුවේ මන්ත්‍රීවරු 40ක ට වැඩි පිරිසක්, පාර්ලිමේන්තුවේ විපක්ෂයට…?

Editor O

ලොවපුරා කොරෝනා රෝගීන් ගණන 5 ලක්ෂ 30දහස ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment