දේශීය

බූස්ස බන්ධනාගාරයේ ආහාර වර්ජනය අත්හිටුවයි

(UTV| ගාල්ල) –  බූස්ස බන්ධනාගාරයේ රැදවියන් ආරම්භ කළ ආහාර වර්ජනය අද පෙරවරුවේ අවසන් කර ඇති බව වාර්තා වෙයි.

ඊයේ පස්වරුව වනවිට රැදවියන් 14 දෙනෙකු පමණක් ආහාර වර්ජනයේ නිරත වූ අතර ඊට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් වන කංජිපානි ඉම්රාන්, පොඩි ලැසී සහ වෙලේ සුදා ඇතුළත්.

පවතින ආරක්ෂක ක්‍රමවේදයන් ලිහිල් කිරීම, රැඳවියන් බැලීමට පැමිණෙන අමුත්තන් සෝදිසි කිරීම, බන්ධනාගාර ආශ්‍රිත සෝදිසි කිරීම් ඉවත් කරන්නැයි ඉල්ලා රැඳවියන් 45 දෙනෙකු පසුගිය 10 වැනිදා උදෑසන සිට ආහාර වර්ජනයක් ආරම්භ කළේය.

Related posts

 ජනපතිගේ අමාත්‍යාංශවල වගකීම් පැවරෙන රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්න

Mohamed Dilsad

රටම බලා සිටි ඉන්ධන නෞකා එන දවස..

Mohamed Dilsad

ගුරු සමීක්ෂණ සදහා අයදුම්පත් යොමු කිරීමේ කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment