දේශීය

උපාධිධාරීන්ට ලබාදෙන පුහුණුව ගැන යුධ හමුදාපතිගෙන් ප්‍රකාශයක්

(UTV | කොළඹ) – රජය විසින් පත්වීම් පිරිනැමූ උපාධිධාරීන් වෙනුවෙන් පසුගියදා ආරම්භ කරන ලැබූ යුධ හමුදා කඳවුරු ලබාදෙනුයේ හමුදා පුහුණුවක් නොවන බව යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කරයි.

පනාගොඩ යුධ හමුදා කඳවුරේ නිරීක්ෂණ චාරිකාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

රාජකාරි කටයුතු කරගෙන යාමේදී අවශ්‍ය වන ප්‍රායෝගික පුහුණුවක් සහිත දැනුමක් ලබාදීම පමණක් මෙහිදී සිදුවන බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා මෙහිදී ප්‍රකාශකර සිටියේය.

ජනාධිපතිතුමන්ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ (Vistas of Prosperity and Splendour) ප්‍රතිපත්ති ප්‍රකාශයට සමගාමීව රාජ්‍ය අංශයට බඳවා ගත් උපාධිධාරීන් 50,000 ක් වෙනුවෙන් ජනාධිපතිතුමන්ගේ උපදෙස් ප්‍රකාරව, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත යුධ හමුදාව විසින් දියත් කරනු ලබන පුහුණු වැඩසටහන පසුගිය (14) වනදා දිවයින පුරා ස්ථාපිත ආරක්‍ෂක සේනා මූලස්ථාන, රෙජිමේන්තු මධ්‍යස්ථාන, යුධ හමුදා ඒකක සහ පුහුණු පාසල්හිදී ආරම්භ කරනු ලැබීය.

Related posts

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල නිකුත් කරයි.

Editor O

නීතිපති ලෙස පාරින්ද රණසිංහ පත්කෙරේ

Editor O

රජය මැදිහත්ව අනුරාධපුර වට්ටක්කා මිළදී ගැනීමට පියවර

Mohamed Dilsad

Leave a Comment