දේශීයවිදෙස්

ගෝලීය කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව කෝටි 03 ඉක්මවයි

(UTV| කොඩිඩ් 19) – ලොවපුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට කෝටි 03 ඉක්මවා ගොස් ඇත.

එම සංඛ්‍යාව 30,025,096 ක් ලෙස විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර ලොවපුරා මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 944,677 ක් ලෙසයි.

ඊයේ දිනයේදීත් වැඩිම ආසාධිතයන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙනුයි. එය 97,000, 859 ක්.

මේ දක්වා එක් රටකින් දිනයකදී වාර්තාවූ වැඩිම කොවිඞ් රෝගීන් ගණනද එයයි.

එමෙන්ම ඇමරිකාවේ ගතවූ පැය 24 දී කොරෝනා මරණ දහස ඉක්මවා ගොස් ඇත.

කෙසේවෙතත් ඊයේ දිනයේදී ශ්‍රී ලංකාවෙන් කිසිදු කොවිඩ් ආසාදිතයෙකු වාර්තා නොවූ අතර , ඒ අනුව මෙරට මුළු ආසාදිතයන් සංඛ්‍යාව තවදුරටත් 3271 ක් ලෙසට පවතියි.

Related posts

ප්‍රවීණ ගානය ශිල්පී ඩබ්ලිව්.ඩී. ආරියසිංහ අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

ඖෂධ නිෂ්පාදන සංස්ථා සභාපති ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

ගුරු වැඩ වර්ජනය අඛණ්ඩව දෙවන දිනටත්

Mohamed Dilsad

Leave a Comment