දේශීය

ප්‍රධාන ඉංජිනේරු පීඨ 6 ක් සඳහා සිසුන් බඳවා ගැනීම වැඩි කරයි

(UTV | කොළඹ) – මෙරට ප්‍රධාන ඉංජිනේරු පීඨ 06 සඳහා සිසුන් 405 ක් වැඩි කර ගැනීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ වෝඩ් පෙදෙසේ උසස් අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයේ දී පැවති  සාකච්ඡාවට එක්වෙමිනි.
ලංකාවේ දැනට ප්‍රධාන ඉංජිනේරු පීඨ 06ක් සහිත විශ්වවිද්‍යාල වන පේරාදෙණිය, ජයවර්ධනපුර, යාපනය, රුහුණ, මොරටුව සහ අග්නිදිග විශ්වවිද්‍යාල සඳහා මෙම සිසුන් 405 ඇතුළත් කර ගැනීමට නියමිතය.

Related posts

ජිනීවා මානව හිමිකම් සැසියේදී චීනයේ සහාය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

පාඨලි සහ විජේදාස දේශපාලන පලිගැනීම් කොමිසම හමුවට

Mohamed Dilsad

දස වන පාර්ලිමේන්තුවේ ආරම්භය සහ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම නොවැම්බර් 21දා

Editor O

Leave a Comment