විදෙස්

ඇමරිකාවේ ටික්ටොක් සහ වී – චැට් තහනම් අද මැදියමේ සිට

(UTV | ඇමරිකාව) – චීනය විසින් හිමිකාරීත්වය දරණ ටික්ටොක් සහ වී – චැට් යන ජංගම දුරකථන ඇප්ලිකේෂන අද (19) මධ්‍යම රාත්‍රියේ සිට ඇමෙරිකාව තුළ භාගත කිරීම ඉවත් කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර ඇත.

එම තහනමත් සමග අමෙරිකානුවන් හට ටික් ටොක් හා වී චැට් යෙදුම් බාගත කිරීමට හෙවත් ඩවුන්ලෝ්ඞ් කිරීම නොහැකි වන අතර ඒවා හරහා පණිවිඩ යැවීම සහ වීඩියෝ බෙදාගැනීමට ද හැකියාවක් නොමැත.

මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ට‍්‍රම්ප් පරිපාලනය පවසන්නේ ටික් ටොක් සහ වී චැට්, ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවයි. එසේම ඒවා හරහා චීනය වෙතට තොරතුරු ගලා යෑමක් සිදුවන බව ද අමෙරිකාවේ මතයයි.

කෙසේවෙතත් මෙම සියලු චෝදනා චීනය තරයේ ප‍්‍රතික්ෂේප කරන බව විදෙස් වාර්තා පවසයි

මේ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට වී-චැට් ඇප්ලිකේෂනය අමෙරිකාව තුළ සම්පූර්ණයෙන්ම භාවිතය අත්හිටුවෙන අතර නොවැම්බර් 12 වනදා තෙක් ටික්ටොක් ඇප්ලිකේෂනය භාවිත කිරීමට අවස්ථාව පවතිනවා.

Related posts

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 250ක්

Mohamed Dilsad

ඉන්දුනීසියාවට සුනාමි අනතුරු ඇඟවීමේ නව පද්ධතියක්.

Mohamed Dilsad

අබු බකාර් අල් බග්ඩාඩි මියගියේ ද යන්න තහවුරු කර ගැනීමට විමර්ශණයක්

Mohamed Dilsad

Leave a Comment