ගොසිප්

මාලිංග තරග දිනවන්නෙක් – මුම්බායි නායක ශර්මා

(UTV | ඉන්දියාව) – ශ්‍රී ලංකා ක්‍රිකට් පිළේ වේග පන්දු යවන ලසිත් මාලිංගගේ ස්ථානයට වෙනත් ක්‍රීඩකයෙකු ආදේශ කිරීම අතිශය දුෂ්කර කටයුත්තක් බව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක රෝහිට් ෂර්මා පවසයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පලකළ රෝහිට් ෂර්මා,

“ඔහුගේ ස්ථානය පුරවන එක පහසු නැහැ. ඔහු තරග දිනවන්නෙක් මුම්බායට. මම ඒක ගොඩක් සැරයක් කියලා තියෙනවා. අපි යම් කරදරයක පැටලී සිටි අවස්ථාවලදී මාලිංග තමයි අපිව ඉන් ගලවගත්තේ. අපිට ඉන්නවා ජේම්ස් පැටින්සන්, ධවල් කුල්කානි, මොහ්සින් ඛාන්. ඔවුන්ව තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මාලිංග වෙනුවට ආදේශ කරන්න. නමුත් පැහැදිලිවම, මාලිංග මුම්බාය වෙනුවෙන් කළ දේ සසඳන්න බැහැ.”

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී අදින් ඇරඹි IPL තරගාවලියට ලසිත් මාලිංග සිය පෞද්ගලික හේතුවක් මත සහභාගී නොවී සිටීමට තීරණය කරනු ලැබීය.

Related posts

ඕස්ට්‍රේලියාව ඔටුවන් ලක්ෂයක් මරා දැමීමට තීරණය කරයි [PHOTOS]

Mohamed Dilsad

රාජිත පිළිබඳ තවත් හෙළිදරව්වක්

Mohamed Dilsad

රාජ්‍ය අමාත්‍යවරිය ලෝ පුරා ශ්‍රී ලාංකිකයින්ගෙන් ආධාර ඉල්ලයි [LETTER]

Mohamed Dilsad

Leave a Comment