(UTV |කොළඹ ) – කුවේටයේ සුරක්ෂා නිවසක රැඳී සිටින ශ්රී ලාංකික කාන්තාවන් 44 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එරට පිහිටි ශ්රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කළේ මෙම පිරිසට අමතරව කුවේටයේ පිහිටි ශ්රී ලංකා තානාපති කාර්යාලයේ සේවකයින් තිදෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බවයි.
ඇතිවී තිබෙන තත්ත්වය මත කුවේටයේ පිහිටි ශ්රී ලංකා තානාපති කාර්යාලය ඔක්තෝම්බර් මස 11 වෙනිදා දක්වා වසා දමා තිබේ.
හදිසි සේවා කටයුතු සඳහා සම්බන්ධ වීමට විද්යුත් ලිපිනයක් හඳුන්වා දී තිබේ.
එම නිවේදනය පහතින්.