දේශීය

ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමකට සම්බන්ධ අයෙකු අත්අඩංගුවට

(UTV |මහනුවර) – උඩුදුම්බර නිසාරුව ප්‍රදේශයේදී ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමකට සම්බන්ධ පුද්ගලයෙකු  අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ උඩුදුම්බර පොලිස් ස්ථානයේ නිළධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම සැකකරු සතුව තිබී රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 39ක් සහ මුද්‍රණය සඳහා උපයෝගිකර ගන්නා  උපකරණ කිහිපයක් පොලීසිය භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු 39 හැවිරිදි උඩුදුම්බර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය සඳහන් කළේය.

ඔහු සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

Related posts

ICC තහනම ගැන අලුත් කතාවක්

Mohamed Dilsad

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සුන්බුන් ඉවත් කිරීම ලබන මාසයේ

Mohamed Dilsad

දිවයින පුරා සියලු පාසැල් ඇරඹීම මාර්තු 15

Mohamed Dilsad

Leave a Comment