දේශීය

එක්සත් ජාතීන්ගේ මහලේකම්ගේ වාර්තාවට ශ්‍රී ලංකාවෙන් ප්‍රතිචාර

(UTV |ජිනීවා) –  ජගත් සංවිධාන මහලේකම්වරයාගේ වාර්ෂික වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ප්‍රතිචාර දක්වයි.

පෙරේදා (30) පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 45 වැනි සැසිවාරයට සමගාමීව පැවති අන්තර් ක්‍රියාකාරී සංවාදයකට එක්වෙමින් ජීනිවාහි ශ්‍රී ලංකා වැඩබලන නිත්‍ය නියෝජිත දයානි මෙන්ඩිස් මහත්මිය රජය වෙනුවෙන් එම නිවේදනය ඉදිරිපත් කර තිබේ.

මෙම වාර්ෂික වාර්තාවේ අඩංගු එක්සත් ජාතින්ගේ සංවිධානය, එහි නියෝජිතයින් මානව හිමිකම් ක්ෂත්‍රයේ යාන්ත්‍රණ සමඟ සහායෝගිතාව සම්බන්ධයෙන් වැඩ බලන නිත්‍ය නියෝජිතවරිය කරුණු 05ක් යටතේ ශ්‍රී ලංකා රජයේ නිරීක්ෂණ ඇතුලත් ප්‍රතිචාර දක්වා සිටියාය.

මහලේකම්වරයා මෙම කවුන්ලිසයට ඉදිරිපත් කරන ලද වාර්ෂික වාර්තාවේ අඩංගු එක්සත් ජාතීන්ගේ සංවිධානය එහි නියෝජිතයින් සහ මානව හිමිකම් ක්‍ෂේත්‍රයේ යාන්ත්‍රණ සමඟ සහයෝගීතාව සම්බන්ධයෙන් පහත දැක්වෙන නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරයි.

වාර්තාවේ සදහන් බියගැන්වීම්, සෝදිසි කිරීම්, හිරිහැර කිරීම් පිළිබඳ පැමිණිලි සහ පලිගැනීම් චෝදනා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට හෝ ශ්‍රී ලංකාවේ   මානව හිමිකම් කොමිසම හෝ ජාතික පොලිස් කොමිසම වැනි ආයතන වෙත විධිමත් පැමිණිල්ලක් කරන ලෙස ආරධනා කිරීමට අපේක්ෂා කරයි.

එවිට එම චෝදනා සම්බන්ධයෙන් විමර්ශණය කිරීමට පියවර ගත හැක.රජය දැනටමත් මෙම චෝදනා ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කර තිබේ.

අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ සිවිල් සමාජ අවකාශය ආරක්ෂා කිරීමට හා ප්‍රවර්ධනය කිරීමට කැපවී සිටිනවා මෙන්ම මාධ්‍යවේදීන්, මානව හිමිකම් ආරක්ෂා කරන්නන් සහ සිවිල් සමාජයට බලපෑම් කරන බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි විමර්ශනය කර නඩු පැවරීමට වගබලාගන්නා බවද අදාළ නිවේදනයේ සඳහන් කර තිබේ.

ජාතික ආරක්ෂාව සඳහා සාමාන්‍ය ආරක්ෂක ජාල ක්‍රියාත්මක කිරීමට අමතරව, විශේෂයෙන්ම විනාශකාරී පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව ආරක්ෂක හමුදා සහ බුද්ධි අංශ රටේ නිශ්චිත පුද්ගල කණ්ඩායම් අධීක්ෂණය කිරීමේ නිරත නොවන බව නැවත අවධාරණය කරන බවත් රජය නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.

ලොව පුරා ව්‍යාප්ත රැඩිකල් හා අනත්වාදී කණ්ඩායම්වල නවීන උපායමාර්ග මධ්‍යයේ සිය ජාතික අවශ්‍යතා සපුරාලීමේදී ඕනෑම රටකට කණගාටුදායක ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවිය හැකි බවට ශ්‍රී ලංකා රජය විශ්වාස කරන බවත් එබැවින් මෙම සන්දර්භය තුළ පවතින වාතාවරණයේ යථාර්තය සම්බන්ධයෙන් සැළකිලිමත්වන ලෙසත් ශ්‍රී ලංකා රජය සියලුම පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.

Related posts

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ 100 කට වැඩි පිරිසක් PCR පරීක්ෂණයට

Mohamed Dilsad

මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් යළි බස් ධාවනය ඇරඹේ

Mohamed Dilsad

ජයවර්ධනපුර සරසවි සිසුවියකටත් කොරෝනා බව හෙළි වෙයි

Mohamed Dilsad

Leave a Comment