ගොසිප්

දිවුලපිටියේ කාන්තාව සමග සේවය කළ සේවිකාවක් මොණරාගලින් හමුවේ

(UTV | ගම්පහ) –  ඊයේ (04) දිනයේ දී දිවුලපිටිය ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා ආසාදිත වූ කාන්තාවගේ ආශ්‍රිතයෙකු මොණරාගල ප්‍රදේශයට පැමිණ ඇති බවට ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරයි.

අදාළ සේවිකාව මොණරාගල ප්‍රදේශයට පැමිණ ඇති අතර ඇය මොණරාගල බස්නැවතුම්පොළ, ඉරිදා පොළ, කච්චේරි හන්දිය සහ රජයේ බැංකුවකට ගොස් ඇති බවට හෙළිව ඇති බ ව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් ශබ්ද වාහිනී යන්ත්‍ර මගින් ප්‍රදේශයේ ජනතාවට දැනුවත් කිරීමට කටයුතු කළ බව ද සෞඛ්‍ය නිලධාරීන් සඳහන් කරයි.

මෙම සේවිකාවගේ PCR පරීක්ෂණ සඳහා වන ජෛව සාම්පල් පටල ලබා ගෙන තිබෙන බවත් එහි ප්‍රථිපල අද පස්වරුව වන විට ලැබීමට නියමිත බවත් ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් පවසයි.

Related posts

කොරෝනා වාතය හරහාත් ව්‍යාප්ත වන බවට සාක්ෂි

Mohamed Dilsad

කෝටි ගණනක මුදල් වංචාවකට සම්බන්ධ තරුණිය අත්අඩංගුවට

Mohamed Dilsad

මට දැන් අවුරුදු 50 කටත් වඩා වැඩියි..හැබැයි ට්‍රයි එකක් දෙනවා [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment