විදෙස්

ට්‍රම්ප් දින 03 කට පසුව රෝහලෙන් පිටව යයි

(UTV | ඇමරිකාව) –  කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල් ගත කළ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දින 3 කට පසුව වොෂින්ටනයේ වෝල්ටර් රීඩ් හමුදා රෝහලෙන් ඊයේ පිටත්ව ගොස් ඇත.

රෝහලෙන් නික්ම යාමට පෙර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ තමන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි.

ජනාධිපතිවරයාගේ නිළ හෙලිකොප්ටර් යානය වන මැරීන් වන්, හෙලිකොප්ටරයෙන් ධවල මන්දිරය බලා නික්මීමට පෙර ඔහු සියල්ලන්ටම තුති පුද කළේය.

කොවිඩ් වසංගතයට බිය නොවන ලෙසත් ඊට ඔබේ ජීවිතය පාලනය කිරීමට ඉඩ නොදෙන ලෙසත් ට්‍රම්ප් සඳහන් කර තිබුණි.

ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 76 ලක්ෂය ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාව දෙලක්ෂ 15,000කට ආසන්න වෙයි.

Related posts

ජනාධිපති අනුර, ඉන්දියාව සමග එට්කා සහයෝගිතා ගිවිසුම අනුව ඉදිරියට යෑම ගැන රනිල්ගේ ප්‍රසාදය

Editor O

කොරෝනා මරණ සංඛ්‍යාව 800 ඉක්මවයි

Mohamed Dilsad

ප්‍රචන්ඩත්වය සහ අන්තවාදය අවසන් කරන්නැයි පාප්වහන්සේ ඉරාකයේදී ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment