දේශීය

බස්රථ සේවකයින්ට දැනුම් දීමක්

(UTV |කොළඹ) – නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශ වල බස් රථ නැවැත්වීම, මගීන් බැස්සවීම හෝ මගීන් ගැනීම සිදුනොකළ යුතු බව පොලීසිය පවසයි.

ඒ අනුව දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ පොලිස් බලප්‍රදේශ හරහා දුර ගමන් සේවා බස් රථ ගමන් කිරීමේදී මගීන් බැස්සවීම හෝ මගීන් ගැනීම නොකළ යුතුය.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ අදාළ පොලිස් බලප්‍රදේශ හරහා දුර ගමන් සේවා බස් රථවලට ගමන් කිරීමේ හැකියාව පවතින බවයි.

මේ අතර, නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක පොලිස් බලප්‍රදේශවල කර්මාන්තශාලාවල සේවකයින් දැනටමත් නවාතැන්ගෙන සිටින ස්ථානවලම රැදී සිටිය යුතු බව පොලීසිය පවසයි.

එසේම, එම කර්මාන්තශාලාවල කළමනාකාරිත්වය එම සේවකයින් ඔවුන්ගේ ගම් ප්‍රදේශ වෙත පිටත් කර හැරීමෙන් වැළකිය යුතු බව ද පොලිස් මාධ්‍ය කොට්ටාශය නිවේදනය කරයි.

Related posts

කොළඹ ප්‍රදේශ කිහිපයකට හදිසියේ ජල කප්පාදුවක්

Mohamed Dilsad

අත්අඩංගුවට ගත් ‘කොණ්ඩ ජනිත්’ රඳවා ප්‍රශ්න කිරීමට අවසර

Mohamed Dilsad

ජනපති අපේක්ෂකයන් මත්ද්‍රව්‍ය පාලනය සඳහා ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ගැන අනාවරණයක්

Editor O

Leave a Comment