දේශීය

කොළඹ නගරයේ තදබදය අවම කිරීමට රථ ගාල් 8 ක්

(UTV | කොළඹ) – කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කිරීම සඳහා රථ ගාල් 8 ක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර ඇත.

ඒ අනුව , ලේක් හවුස් ආයතනය පසුපස, රථ ගාල ඉදිකිරීමේ කටයුතු ඊයේ ආරම්භ කළ අතර, මහල් 10 කින් සමන්විත එහි වාහන 252 ක් නවතා තැබිය හැකි බව නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

එහි බිම් මහලෙහි විශාල ප්‍රමාණයේ සාප්පු සංකීර්ණයක් ඉදිවන අතර පළමු සහ දෙවැනි මහල් කොටුව පොලිස් ස්ථානයට ලබාදීමට නියමිතයි.

මෙම ව්‍යාපෘතියට වැය වන මුළු මුදල රුපියල් මිලියන 1113 ක්.

Related posts

සනත් නිශාන්තගේ සහෝදරයා බන්ධනාගාර ගත කෙරේ

Mohamed Dilsad

ඇදිරි නීති බලපත්‍ර අවභාවිතා කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග

Mohamed Dilsad

පොලීසිය හා STF අතහැර ගිය අයට යළිත් එක්වීමට අවස්ථාව

Mohamed Dilsad

Leave a Comment