ගොසිප්

පාර්ලිමේන්තු සාමාජිකයෙකුගේ පවුලේ අයෙකුටත් කොරෝනා

(UTV | කොළඹ) – බත්තරමුල්ල පැලවත්තේ පිහිටා ඇති පාර්ලිමේන්තු කටයුතු සේවක අංශයේ සාමාජිකයෙකුගේ පවුලේ අයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේය.

ඒ අනුව එම අංශයේ සියලු දෙනා පරීක්ෂාවට ලක්කර ඇති බවත් එම පරිශ්‍රයට කිසිවෙකුටත් ඇතුළුවීමට අවස්ථාව නොමැති බවත් ඔහු පැවැසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් පාර්ලිමේන්තුවේදී නගමින් විමසා සිටියේ සිය අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා පාර්ලිමේන්තු කටයුතු සේවා අංශයට ගිය අවස්ථාවේදී ඊට ඇතුල්වීමට ඉඩ නොදුන් බවත් වත්මන් කොවිඩ් තත්ත්වය නිසා එවැනි තීරණයක් ගනු ලැබුවද යන්න ගැන කථානායකගෙන් විමසීමේදී ඒ් බව අද අනාවරණය විය.

Related posts

මෛත‍්‍රී – රනිල් පාස්කු ප‍්‍රහාරයට වගකිව යුතු බව පැහැදිලියි – ජනපති..

Mohamed Dilsad

ඩයනාගේ ප්‍රකාශය සමස්ත කාන්තා පරපුරටම නිගාවක් – ඕමල්පේ සෝභිත හිමි

Mohamed Dilsad

Sex වචනය පරීක්ෂාවෙන් ශ්‍රී ලංකාව දෙවන තැනට පත්වෙයි

Mohamed Dilsad

Leave a Comment