ව්‍යාපාරික

වටවල වැවිලි සමාගම පාම් ඔයිල් සඳහා RSPO සහතිකය හිමි කර ගත් දකුණු ආසියාවේ ප‍්‍රථම සමාගම බවට පත් වෙයි

(UTV |කොළඹ) – ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම විවිධාංගීකරණය වූ කෘෂිව්‍යාපාරික සමාගමක් වන වටවල වැවිලි සමාගම (WATA) තිරසාරාත්මක oil palm වගාවන් සංවර්ධනය කිරීමෙන් සන්ධිස්ථානමය අවස්ථාවක් සනිටුහන් කරමින් ගාල්ල දිස්ත‍්‍රික්කයේ පාම් ඔයිල් වගා කරන බිම් ප‍්‍රමාණය වෙනුවෙන් සහ සමාගමට අයත් එම කර්මාන්තශාලාව RSPO සහතිකය හිමි කර ගැනීමට සමත් වී ඇති අතර ඒ අනුව මෙම පිළිගැනීම හිමි කර ගත් ශ්‍රී ලංකාවේ මෙන්ම දකුණු ආසියාවේ ප‍්‍රථම වැවිලි සමාගම වන්නේ වටවල වැවිලි සමාගමයි.

විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් සහ පිරමිඞ් විල්මාර් සමාගමේ හවුල් ව්‍යාපාරයක් වන වටවල වැවිලි සමාගමට අයත් පාම් ඔයිල් වගාවන් පිහිටා ඇත්තේ ගාල්ල, උඩුගම ප‍්‍රදේශයේය. පාම් ඔයිල් (CPO) මෙටි‍්‍රක් ටොන් 14,000ක් සහ පාම් කානෙල් ඔයිල් (PKO) මෙටි‍්‍රක් ටොන් 1350ක නිෂ්පාදන ධාරිතාවකින් යුත් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම හා විශාලතම පාම් ඔයිල් නිෂ්පාදන සමාගම ලෙස වටවල වැවිලි සමාගම, මෙම සහතිකය මගින් යළිත් තහවුරු කර ඇත. එමෙන්ම, පාම් ඔයිල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සමස්ත නැවුම් පළතුරුවලින් 7%ක ප‍්‍රමාණයක් සමාගම ලබා ගන්නේ සමාගමට අයත් කුඩා වතු හිමියන්ගෙනි.

‘‘වටවල වැවිලි සමාගම වන අපට වඩාත් වැදගත් වන්නේ අසල්වැසි ප‍්‍රජාවන්ගේ, අපගේ සේවකයන්ගේ හා පරිසරයේ සුභ සාධනයයි. අයිතිවාසිකම්වලට ගරු කරමින්, බැඳීම් අගයමින් හා අපගේ සමස්ත ඔයිල් පාම් ව්‍යාපාරය නිවැරදිව හා වගකීමෙන් යුතුව මෙහෙයවීම ආදිය මගින් එම ධර්මතාව ආරක්ෂා කිරීමට අප අඛණ්ඩව උත්සාහ කරනවා. ඒ අනුව, පූර්ණ තිරසාර හා විනිවිදභාවයෙන් යුතු පාම් ඔයිල් සැපයුම් ජාලයක් ශ්‍රී ලංකාව පුරා ඇති කිරීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා මෙන්ම ඒ සඳහා වගකීමෙන් යුතුව කටයුතු කිරීමේ අපගේ කැපවීම පිළිබඳව මෙම RSPO සහතිකය කදිම සාක්ෂියක් සපයනවා,’’ යනුවෙන් සන්ෂයින් හෝල්ඩින්ග්ස් සමූහ කළමනාකාර අධ්‍යක්ෂ සහ වටවල වැවිලි සමාගමේ අධ්‍යක්ෂ, විශ් ගෝවින්දසාමි මහතා පැවසුවේය.

සමාජ හා ආර්ථිකමය දියුණුව උදෙසා වටවල වැවිලි සමාගම මත යැපෙන පවුල්, කුඩා ව්‍යාපාර හා සංවිධාන ආදී වැවිලි ක්ෂේත‍්‍රයට සම්බන්ධ බොහෝ පිරිසක් සිටින අතර ඒ සැමටම ජීවනෝපායන් සපයන්නේ සමාගමට අයත් මෙම පාම් ඔයිල් ව්‍යාපාරය මගින්ය. මෙරට ප‍්‍රජාවන් කෙරෙහි සමාගම සතු වගකීම පිළිබඳ ඔවුන් මනා දැනුවත්භාවයකින් කටයුතු කරන අතර විශ්වාසය මත ගොඩනැගුනු ශක්තිමත් අන්‍යෝන්‍ය සබඳතාවකින් යුතුව සමාගම සැමවිටම උත්සාහ කරයි. සමාගම මෙම ප‍්‍රජාවන්ගේ අවශ්‍යතාවන් සපුරාලමින්, ජීවන තත්වය ඉහල නංවමින් හා සමාජීය පහසුකම් වැඩි දියුණු කිරීමට කටයුතු කරන අතරම පාම් ඔයිල් ව්‍යාපාරය නිසා මෙම ප‍්‍රජාවට ඇති විය හැකි බලපෑම පිළිබඳව ද ඉතා විමසිල්ලෙන් අධ්‍යයනය කරමින් කටයුතු හොඳින් පාලනය කරයි.

මෙම විශිෂ්ට ජයග‍්‍රහණය පිළිබඳව අදහස් දක්වන වටවල වැවිලි සමාගමේ ප‍්‍රධාන විධායක නිළධාරී බිනේෂ් පනන්වල මහතා ‘‘මෙම RSPO සහතිකය ලබා ගැනීම සඳහා ඉතා කැපවීමෙන් කටයුතු කළ සමාගමේ තිරසාරාත්මක කණ්ඩාමයට මෙය සුවිශේෂී අවස්ථාවක්. මෙමගින්, අපගේ මෙහෙයුම්වල ඉහළම ප‍්‍රමිතීන් පවත්වා ගැනීම සම්බන්ධයෙන් වන සමාගමේ අඛණ්ඩ උත්සාහය හා ධෛර්ය මනාව පෙන්නුම් කරනවා. අප විසින් පවත්වා ගෙන යනු ලබන පාරිසරික ප‍්‍රමිතීන් අපගේ සේවකයින්ට ලබා දී ඇති රැුකියා අවස්ථාවන් සහ වැවිලි ක්ෂේත‍්‍රය වටා සිටින ගැමි ප‍්‍රජාවට ළඟා කර දී ඇති පුළුල් සමාජ ප‍්‍රතිලාභ පිළිබව අප ආඩම්බර වනවා.’’ යනුවෙන් පැවසුවේය.

Related posts

පසුගිය මාස 2 තුළ තේ මෙට්ට්‍රික් ටොන් 564 ක් අපනයනය කරයි

Mohamed Dilsad

බිත්තර මිල ඉහළ යෑමෙන් බේකරි නිෂ්පාදකයන් අර්බුධයක

Mohamed Dilsad

එළවළු මිල ගණන් අඩු වන ලකුණු

Mohamed Dilsad

Leave a Comment