දේශීය

ඇඳිරි නීතිය පවතින ප්‍රදේශ වල කඩ සාප්පු අද ඇරේ

(UTV |ගම්පහ)  –  නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ගම්පහ ප්‍රදේශයේ පිහිටි සතොස, සමුපකාර, සුපිරි වෙළදසැල්, ඖෂධ හල්, ධිවර සංස්ථාව ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ අළෙවි කරන වෙළදසැල් අද පෙරවරු 8.00 සිට රාත්‍රී 8.00 දක්වා විවෘත කිරිමට අවසර ලබා දී තිබේ.

මේ අනුව එක් නිවසකින් එක් අයෙකුට පමණක් පිටතට යාමට හැකි බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

එලෙස විවෘතව ඇති වෙළදසැල් සඳහා සිය අවශ්‍යතා සපුරා ගැනීමට යාමේදී පයින් ඇවිද යා හැකි දුරකින් පිහිටි ස්ථාන වෙත පමණක් යාමට ජනතාවට අවසරය හිමිවේ.

නමුත්  නිධන්ගත රෝග සහ වයෝවෘද පිරිස් හැකිතාක් නිවසට වී සිටින ලෙසද නියෝජ්‍ය පොලිස්පතිවරයා උපදෙස් ලබා දෙයි.

මෙම අවසරය අනුව තමන්ගේ අත්‍යාවශ්‍ය භාණ්ඩ ආදිය මිලදී ගැනීමට නිවසට ආසන්න වෙළඳසැල් වලට ගොස් අවශ්‍ය භාණ්ඩ මිලදී ගන්නා ලෙසත් එලෙස නිවෙස් වලින් බැහැරව යාමේදී නිසි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම උපයෝගී කර ගන්නා ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ පවසයි.

Related posts

සිංහල – දෙමළ අලුත් අවුරුද්දට ජනපතිගෙන් සුබපැතුම් [RELEASE]

Mohamed Dilsad

ඇඳිරි නීති ප්‍රදේශවල ඔසු සැල් සහ ආහාර අලෙවිසැල් වැසේ

Mohamed Dilsad

“බැසිල් මහින්දගෙන් විපක්ෂනායක තනතුර ඉල්ලුවා” – විමල් කියයි

Mohamed Dilsad

Leave a Comment