දේශීය

කොළඹ පොත් ප්‍රදර්ශනයට ගිය පුද්ගලයෙක්ටත් කොරෝනා

(UTV | කොළඹ) – හලාවත, ප්‍රදේශයේ පදිංචි කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු පසුගිය මස 23 වෙනිදා කොළඹ බණ්ඩාරනායක පොත් ප්‍රදර්ශනයට පැමිණ ඇති බවට අනාවරණය වී ඇත.

36 හැවිරිදි මෙම පුද්ගලයාට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයකින් තහවුරුවී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියි.

එමෙන්ම ඔහු එදින කොළඹ බස් නැවතුම් පොළේ ගැවසී ඇති අතර සැප්තැම්බර් මස 30 වෙනිදා නුවරඑළිය ප්‍රදේශයට ද ගොස් ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම , හොරණ මූූලික රෝහලේ සේවය කළ හෙදියකට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

මේ හේතුවෙන් අයගේ සැමියා PCR පරීක්ෂණයට යොමු කර ඇති බව සඳහන් වෙයි.

ඔහුගේ PCR පරීක්ෂණවල ප්‍රතිපලවලට අනුව ඔහු සේවය කළ මත්තේගොඩ ඔසුසලේ සේවකයින් අට දෙනාගේ සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් PCR පරීක්ෂණවලට යොමු කිරීමට නියමිතයි.

මීට අමතරව, හලාවත ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හලාවත පොලිසිය පවසයි.

වයස අවුරුදු 17 ක ආරච්චිකට්ටුව ප්‍රදේශයේ පදිංචි මෙම ශිෂ්‍යයා මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව ඇත.

කෙසේ වෙතත්, මෙම ශිෂ්‍යයාට වෛරසය ආසාදනය වී ඇත්තේ කෙසේදැයි මෙතෙක් හඳුනාගෙන නොමැත.

Related posts

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය අද ඇරඹේ

Mohamed Dilsad

වෙඩි තියන්න පොලිසියටත් අවසර

Mohamed Dilsad

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවට අදාල නඩුව කල් යයි

Mohamed Dilsad

Leave a Comment