විදෙස්

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බාල පුතුටත් කොරෝනා

(UTV | ඇමරිකාව) – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බාල පුතු වන බැරන් ට්‍රම්ප් හට ද කොවිඩ් 19 වෛරසය වැළඳී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා තහවුරු කරයි.

14 හැවිරිදි වියේ පසුවන බැරන් ට්‍රම්ප්ගේ තත්ත්වය අසාධ්‍ය නොවන බව මෙලානියා ට්‍රම්ප් ආර්යාව සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක පත් කිරීම වෙනුවෙන් ධවල මන්දිරයේ පැවති උත්සවයක් හේතුවෙන් ඒ ආශ්‍රිත කොවිඩ් පොකුරක් නිර්මාණය විය.

ඇමරිකානු ජනාධිපතිවරයා ද කොවිඩ් වෛරසය වැළඳී දින 3 ක් පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලැබීය. ඔහු මේ බව විට සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු වලද නිරත වෙයි.

Related posts

ඉන්දියාවට අල් – කයිදා නායකගෙන් අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

වසා දමා තිබූ අල් අක්සා දේවස්ථානය යළි විවෘත කරයි

Mohamed Dilsad

නජීබ් රසාක්ගේ බිරිඳ අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment