දේශීය

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම යළිත්

(UTV | කොළඹ) – කොරෝනා හේතුවෙන් විදේශ රටවල සිරවී සිටින පුද්ගලයින් ලබන සතියේ සිට යළි මෙරටට රැගෙන ඒමට විදේශ කටයුතු අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

එම අමාත්‍යාංශ්‍යය සඳහන් කළේ, දිවයිනේ කොරෝනා ව්‍යාප්තියත් සමග මේ වනවිට එම කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.

ගුවන් භාණ්ඩ රැගත් ගුවන් යානා මගින් දැනට විදේශ රටවල සිටින පුද්ගලයින් විටින් විට මෙරටට රැගෙන ඒමට පියවර ගෙන තිබේ.

විදේශ රටවල සිරවී සිටින පුද්ගලයින් 54,000 ක් මෙරටට රැගෙන ඒමට නියමිතව ඇත.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, රටවල් 122 කට අයත් පුද්ගලයින් 43,550 ක් මේ වනවිට මෙරටට රැගෙන විත් ඇති බවයි.

Related posts

ඇඳිරි නීතිය කඩ කල 5,212 කට නඩු පැවරේ

Mohamed Dilsad

නව ගිණුම්කාරක සභාවේ සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සාමාජිකයන්

Mohamed Dilsad

මෙවර මහ මැතිවරණයේ සමස්ථ ඡන්ද ප්‍රතිඵල

Mohamed Dilsad

Leave a Comment