දේශීය

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබා දිය යුතුයි – අගමැති

(UTV |කොළඹ) – විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබා දිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ සඳහා මැතිවරණ නීති සංශෝධනය කිරීමට තේරීම් කාරක සභාවක් යෝජනා කිරීමට නියමිතය.

මැතිවරණ කොමිෂන් සභාවේ උපායමාර්ගික සැලසුම් පිළිබඳව අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

මෙහිදී අදහස් දක්වා ඇති මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කොමිෂන් සභාවේ උපායමාර්ගික සැලසුමට අදාළව මැතිවරණ නීති සංශෝධනය වීම අත්‍යවශ්‍ය කරුණක් බව පෙන්වා දී තිබේ.

Related posts

බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා ලෙස පත් කරයි

Mohamed Dilsad

දේශබන්දුට සැඟව සිටීමට උදව් කළ පොලිස් කොස්තාපල්වරයෙක් ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

Editor O

විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනයට පියවර

Mohamed Dilsad

Leave a Comment