ගොසිප්

දෙවැනි කොරෝනා රැල්ලේ මූලාරම්භයට හේතුව මංගල සාද දෙකක්

(UTV | කොළඹ) – මෙවර ඇතිව තිබෙන කොරෝනා රැල්ල මංගල සාද දෙකක් මුල්කරගෙන පැතිර ගිය බවට මේ වනවිට තහවුරු වී තිබෙන බව යුධ හමුදාපතිවරයා පවසයි.

මේ හේතුවෙන් මහජනතාව ගැවසෙන උත්සව, සාද සංවිධාන නොකිරීම හා ඒවාට සහභාගි නොවී සිටීම සියලුම දෙනාගේ වගකීම හා යුතුකම බවද හමුදාපතිවරයා අවධාරණය කරමින් කියා සිටියි.

ඉදිරි කාලය ඉතාමත්ම තීරණාත්මක බැවින් මහජනතාව වැඩිපුර ගැවසෙන ස්ථාන මඟහැර වගකීමෙන් කටයුතු කරන ලෙසද මහජනයාගෙන් ඉල්ලා සිටියේය.

නිරෝධායනයට යොමු කරන ඇතැම් පිරිස් එම වගකීම නොතකා හරින්නේ නම් එය මේ තත්ත්වය පාලනය කිරීමට බාධාවක් වන බව හමුදාපතිවරයා පෙන්වා දුන්නා

ගම්පහ දිස්ත්‍රික්කය තුළ කොවිඩ් 19 අනුපොකුරු රාශියක් නිර්මාණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

අද පෙරවරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ එම ප්‍ර දේශවල පදිංචි ජනතාව තම ස්ථානවලම රැඳී සිටිය යුතුයි යන්නයි.

BE INFORMED WHEREVER YOU ARE
எங்கிருந்தாலும் உடனுக்குடன்
කොතැන සිටියත් ඔබ දැනුවත්

Related posts

කළු ගලක් ඇතුළේ කෝටි ගණනක් වටින මැණික් ගලක් [PHOTOS]

Mohamed Dilsad

තිලකරත්න දිල්ෂාන් ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ බිමට

Mohamed Dilsad

රන්ජන්ගේ ජීවිතය අවදානමක බව සජිත් කියයි

Mohamed Dilsad

Leave a Comment