ගොසිප්

දෙහිවල මධ්‍යම වෙළෙඳ සංකීර්ණයත් වසා දමයි

(UTV |කොළඹ) – නව කොරෝනා ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමඟ දෙහිවල මධ්‍යම වෙළෙඳ සංකීර්ණයත් දින නියමයක් නොමැතිව වසා දැමුණි.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සිට මත්ස්‍ය අලෙවිසැල් සඳහා මාළු ප්‍රවාහනය කරන ලොරි රථයක සේවකයෙකු ආසාදිතයෙකු ලෙස මෙහිදී හඳුනාගෙන තිබේ.

ඔහු දෙහිවල මධ්‍යම වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳසැල් කිහිපයකට ගොස් ඇති බවට අනාවරණයවී ඇත.

ඒ සමග එම වෙළෙඳ සංකීර්ණය අද(22) මධ්‍යහන 12.00 සිට වසා දැමීමට පියවර ගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

හෙට (23) දිනයේ එහි සේවය කළ වෙළෙඳුන් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතය.

Related posts

නිව් ඩයමන්ඩ් ගින්න නිවන්න රජය වැය කළ මුදල අහිමිවීමේ අවධානමක්

Mohamed Dilsad

ඉන්දියානු සුරූපිනියකගේ අතගත් මැක්ස්වෙල් [PHOTOS]

Mohamed Dilsad

පිල්ලයාන්ටත් අමාත්‍ය ධුරයක්

Mohamed Dilsad

Leave a Comment