දේශීය

කම්කරු දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

(UTV |කොළඹ) –  පවතින කොරෝනා අවදානම හේතුවෙන් සේවක අර්ථ සාධක අරමුදල් ප්‍රතිලාභ අයදුම් කිරීම සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව දැනුම් දීමක් කරයි.

ඒ මේ දිනවල සේවක අර්ථ සාධක අරමුදල් ප්‍රතිලාභ අයදුම්පත් භාර ගැනීම ළඟම පිහිටි කම්කරු කාර්යාලයෙන් පමණක් සිදුකරන බවයි.

හෙට (26) සිට ක්‍රියාත්මක පරිදි ඒ සඳහා දුරකථන මගින් දිනයක් සහ වේලාවක් වෙන් කර ගත යුතු වේ.

මේ අනුව, කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචි අර්ථ සාධක අරමුදලේ සාමාජිකයන්ට 0112 368 904 හෝ 0112 368 911 යන දුරකථන අංකවලින් අදාළ වෙන් කර ගැනීම් සිදුකළ හැක.

සියයට තිහේ පූර්ව ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා කොළඹ දිස්ත්‍රික්කය තුළ පදිංචිකරුවන්ට 0112 368 252, 0112 501 249 යන දුරකථන අංක ඇමතිය හැකි බව කම්කරු දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Related posts

උ/ පෙළ සහ ශිෂ්‍යත්ව විභාග අයදුම්පත් භාරගැනීම අවසන්

Mohamed Dilsad

දැනුම කේන්ද්‍රීය ආර්ථිකය ගොඩනැගීම සඳහා සෑම දිස්ත්‍රික්කයකටම ප්‍රජා විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කරනවා – විපක්ෂ නායක

Editor O

ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල ජයසේකර අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment