දේශීය

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරු 6100 ඉක්මවයි

(UTV |කොළඹ) –  මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වූ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 6,145 දක්වා ඉහළ ගොස් තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ ඊයේ (29) දිනය තුළ පමණක් ආසාදිතයින් 586 දෙනෙකු හඳුනාගැණු බවයි.

ඔවුන්ගෙන් 115 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන ඇති අතර ආසාදිතයින් 467 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසැළ සහ ධීවර වරායන් ආශ්‍රිතව හඳුනාගෙන තිබේ.

ඉන් 50 දෙනෙකු මීගමුව ධීවර වරාය ආශ්‍රිතව හඳුනාගෙන ඇත.

විදේශයන්හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු සහ ඉන්දුනීසියානු නාවිකයින් තිදෙනෙකු ආසාදිතයින් බවට ඊයේ හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 9,791 දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් ප්‍රබල ආරම්භයක්

Mohamed Dilsad

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂගේ පෙත්සමක් නිෂ්ප්‍රභ කරයි

Editor O

අවබෝධයෙන් බොරු කියපු අය ට උත්තර දෙන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි නාමල් රාජපක්ෂ

Editor O

Leave a Comment