(UTV |කොළඹ) – කොරෝනා වසංගතය හමුවේ පාසල් ආරම්භ කිරීමේ කාලවකවානු සහ විභාග කටයුතු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද(02) පෙරවරුවේ පැවැත්වේ.
ඒ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙනි.
Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන මෙම සාකච්ඡාවට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයන්හි ලේකම්වරුන් මෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂඥයන් ද එක්වීමට නියමිත බවයි වාර්තාවේ.
මෙහිදී රටේ දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් වැදගත් තීන්දු රැසක් ගැනීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.