දේශීයව්‍යාපාරික

ඇඳිරි නීතිය ඇති ප්‍රදේශවල ආර්ථික මධ්‍යස්ථානවල කටයුතු අද යළි ඇරඹේ

(UTV | කොළඹ) – නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල සියලු ආර්ථික මධ්‍යස්ථානවල මෙහෙයුම් කටයුතු අද යළි ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතා පැවසීය.

ඒ අනුව රත්මලාන,බෝකුන්දර,මීගොඩ ,වේයන්ගොඩ හා නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානවල මෙහෙයුම් ඇරඹෙනු ඇත.

කෙසේවෙතත් මෙම මධ්‍යස්ථානවල සිල්ලර වෙළෙඳාම සිදු නොකෙරෙන අතර , පිට පළාත්වලින් ලැබෙන එළවළු තොග බස්නාහිර පළාතේ ගැණුම්කරුවන්ට ලබා දීම මෙම මධ්‍යස්ථාන හරහා සිදු කරනු ලබයි.

අදාළ ආර්ථික මධ්‍යස්ථාන මේ වනවිට විශබීජහරණය කර ඇති බව ද ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

Related posts

පාන් මිල රුපියල් 50කින් අඩු වෙන ලකුණු

Mohamed Dilsad

අදත් හෙටත් පෙට්‍රල් පෝලිම් වල ඉන්න එපා

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment